ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවැනි විස්සයි විස්ස තරගයේ ජය නවසීලන්තයට

April 8, 2023

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක දී කඩුලු 6 දැවී ලකුණු 183ක් ලබා ගත්තේය.

ඒ අනුව තරගාවලියේ ජය, තරග දෙකක් ජය ගත් නවසීලන්ත කණ්ඩායමට හිමිවිය.

t

o

p