සංක්‍රමණික යාත්‍රා දෙකක් අනතුරට ලක් වී 27ක් අතුරුදන්

April 9, 2023

ටියුනීසියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී සංක්‍රමණික යාත්‍රා දෙකක් ගිලී අනතුරක් සිදු වී තිබේ.

එම අනතුරින් පුද්ගලයන් 27 දෙනෙකු මියගොස් හෝ අතුරුදන් වී ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අප්‍රිකානුවන් 73 දෙනෙකු රැගත් යාත්‍රා දෙකක් මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ.

කෙසේවෙතත්, ටියුනීසියානු වෙරළ ආරක්ෂකයන් විසින් 46 දෙනෙකු බේරාගෙන ඇත.

අධික දරිද්‍රතාව සහ ගැටුම් හේතුවෙන් මැදපෙරදිග සහ අප්‍රිකානු වැසියන් නීතිවිරෝධීව ඉතාලියට ඇතුලුවීමට භාවිත කරන මාර්ගයක් ලෙස ටියුනීසියානු මුහුදු තීරය හැඳින්වෙයි.

t

o

p