ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගය අද දහවල් වනවිට යථා තත්ත්වයට

April 8, 2023

කන්තලේ – අග්බෝපුර ප්‍රදේශයේ දී ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ දුම්රියක් ඊයේ (07) දහවල් පීලි පැනීමෙන් අනතුරක් සිදු විය.

හානියට පත් වූ දුම්රිය මාර්ගය අද දහවල් වනවිට යථාතත්වයට පත්කළ හැකි වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කන්තලේ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබූ මැදිරි 04කින් යුත් දුම්රියක් මෙලෙස පිලි පැනීමට ලක්වූ අතර, මෙම අනතුරෙන් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා.

t

o

p