ලොව බලගතු පුද්ගලයින් අතර පෙරමුණ ශාරුක් ඛාන්ට

April 7, 2023

ටයිම් සඟරාවේ 2023 වසරේ ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා අතර පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමත්ව තිබේ. මෙම බලගතුම පුද්ගලයින් තෝරා ඇත්තේ ටයිම් සඟරාවේ පාඨක ඡන්දයෙන්. ටයිම් සඟරාව සෑම වසරකම ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා මෙලෙස නම් කරනු ලබයි.

ටයිම් සඟරාවේ පාඨකයන් මිලියන 1යි දශම 2කට වඩා වැඩි ප්‍රමාණයක් මේ සඳහා ඡන්දය ප්‍රකාශ කර ඇත. ඉන් සියයට හතරක ඡන්ද ප්‍රතිශතයක් හිමිව ඇත්තේ ෂාරුක් ඛාන්ටයි.

ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනාගේ ලැයිස්තුවට අයත්ව තිබූ මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත් මිෂෙල් යෝ, ෆේස්බුක් හිමි මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්, ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස්, හැරී කුමරු,මේගන් කුමරිය සහ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා අභිබවා පෙරමුණ ගැනීමට ෂාරුක් ඛාන් සමත් වීම විශේෂත්වයක්.

t

o

p