එළවළු මිල සීඝ්‍රයෙන් පහළට

April 7, 2023

එළවළු මිල සැලකිය යුතු ලෙස පහත වැටීම නිසා ගොවීන් දැඩි අසීරුතාවට පත්ව ඇත.

ආර්ථික මධ්‍යස්ථාන ඇතුළු වෙළෙදසැල්වල එළවළු මිල පහළ ගොස් ඇති බව පාරිභෝගික ජනතාව පවසයි.

පසුගිය කාලයේ ඉහළ මිළ ගණන් යටතේ අලෙවි වූ කැරට්, බෝංචි,  මාළු මිරිස් ඇතුළු සියලු එළවළු මිල පහළ ගොස් ඇති බවයි වෙළෙදුන් ද පෙන්වා දෙන්නේ.

විශේෂ ආර්ථික මධ්‍යස්ථානවලට තොග එළවළු මිල ගණන් අඩුවීමට සාපේක්ෂව සිල්ලර මිල ගණන් ද පහළ ගොස් තිබේ.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව ඉකුත් අඟහරුවාදාට (04 වැනිදා) සාපේක්ෂව ඊයේ (06 වැනිදා) දිනයේදී එළවළු මිල අඩුවී තිබිණි.

ඒ අනුව,බෝංචි කිලෝවක මිල 18% කින්ද, කැරට් කිලෝවක මිල 10% කින්ද, ලීක්ස් කිලෝවක මිල 3% කින්ද අඩුවී තිබිණි.

t

o

p