ඉන්ධන බවුසර් වලට GPS සවි කරයි

April 6, 2023

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු සියලුම ටැංකි රථ වෙනුවෙන් GPS මෙවලම් සවි කිරීම අප්‍රේල් 15වන දා වන විට අවසන් කරන බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා සදහන් කළේ පෞද්ගලික ටැංකි රථ වෙනුවෙන්ද එය ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන බවයි.

සියලුම ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා.

පසුව අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටියේ ඉන්ධන ටැංකි ගබඩා තුල ධාරිතාවෙන් අවම සීයයට 50ක ඉන්ධන තොග පවත්වාගෙන යා යුතු බවට එහිදී තීරණය කළ බවයි.

t

o

p