අලුත් අවුරුද්දට ගමේ යන්න බස් රථ සේවාවක්

April 6, 2023

අලුත් අවුරුදු නිවාඩුව සඳහා ගමට යන මඟී ජනතාවගේ පහසුව වෙනුවෙන් අතිරේක බස් සේවා ලබන 10 සිට යොදවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවැසීය.

කොළඹ සිට දිවයිනේ සියලු ප්‍රදේශවල ගමනාන්ත සඳහා මෙම විශේෂ බස් රථ මගී ජනයාගේ ඉල්ලුම අනුව යොදවන බවයි ඔහු වැඩිදුරත් පැවසීය.

අවශ්‍ය තරම් බස් රථ ඇණියක් පවතින බව කියා සිටි ඔහු මෙම විශේෂ බස් රථ ධාවනයට එක් කරන්නේ අර්ධ සුඛෝපභෝගී බස් ගාස්තු යටතේ යැයිද වැඩිදුරටත් කීවේය.

t

o

p