අවුරුදු සමය වෙනුවෙන් ලංකා සතොස පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

April 7, 2023

සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් පාරිභෝගිකයින්ට සහන ලබාදීමේ අරමුණින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ලංකා සතොස මගින් අඩු කර ඇත.

ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ 03ක මිල ගණන් මෙලෙස පහළ දමා ඇති අතර අද (07) දිනයේ සිට දිවයින පුරා සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම මිල සහනය ලබාගත හැකිය.

ඒ අනුව ටින් මාළු (425g) එකකින් රුපියල් 30ක් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 490කි.

ලොකු ලූනු 1kg කින් රුපියල් 22ක් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 97කි.

පාන් පිටි 1kgකින් රුපියල් 10ක් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 225කි.

t

o

p