පැපුවා නිව් ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක්

April 3, 2023

පැපුවා නිව් ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.2ක් ලෙස සටහන්ව තිබූ බව විදෙස් මාධ්‍ය පැවසීය.

කෙසේ වෙතත් මින් සුනාමි අවදානමක් නොමැති බවයි එරට බලධාරීන් මේ වනවිට ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර බේරුවල මුහුදේ පසුගිය දා ඇති වූ භූ චලනය සමඟ කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල භූ කම්පනමාන සවි කිරීමේ අවශ්‍යතාව ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වා දෙයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාව පිළිබඳ හිටපු ජ්‍යේෂඨ මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කළේ, කොළඹ අවට ප්‍රදේශවල දත්ත වැඩි වශයෙන් ලබා ගත යුතු බැවින් එම ප්‍රදේශ ඉලක්ක කර භූ කම්පනමාන සවි කළ යුතු බවයි.

t

o

p