සුදු සීනි, පරිප්පු සහ තිරිඟු පිටිවල මිල අඩුවෙයි

April 1, 2023

සුදු සීනි, පරිප්පු සහ තිරිඟු පිටිවල මිල අඩුවී ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

රුපියල් 220 ක්ව පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 200ක් වන අතර, රුපියල් 340ට පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 310ක් ලෙස පහළ ගොස් ඇත.

එමෙන්ම රුපියල් 230ක් ව පැවති ආනයනික තිරිඟු පිටි කිලෝවක රුපියල් 210ක් ලෙස පහළ ගොස් ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පැවසීය.

t

o

p