ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පෙළ පොත් සකස් කිරීමට අවධානය

April 1, 2023

පාසල් සිසුන් සඳහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ පෙළපොත් සකස් කිරීමටත් ඊට අදාළ විවිධ පාර්ශ්ව දැනුවත් කිරීමටත් අධ්‍යාපන අමාතා්‍යංශයේ සම්බන්ධීකරණයෙන් විශේෂ කමිටුවක් පත්කරන ලෙස ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය එම අමාත්‍යංශයේ බලධාරීන්ට දැනුම් දී තිබේ. ඒ, එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජේරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

එම විශේෂ කමිටුවට සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යංශ යටතේ ඇති විවිධ ආයතන, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යන ආයතවල නියෝජිතයන් ද මෙම කමිටුවට ඇතුළත් විය යුතු වනවා. අදාළ සම්බන්ධීකරණ කටයුතුවල ප්‍රධාන වගකීම භාර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශයට කාරක සභාව විසින් උපදෙස් දුන් බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

දරුවාගේ මනසට ගැළපෙන පරිදි කුඩා කල සිටම ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව දරුවන්ව දැනුවත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බැවින් ඒ සඳහා පෙළපොත් සකස් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතු බවත් එම කාරක කමිටුව විසින් පෙන්වාබ දුන් බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

t

o

p