STEAM අධ්‍යාපන ක්‍රමය ඇරඹෙයි

April 1, 2023

ජාත්‍යන්තර ප්‍රමිතියේ ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා දීම ඊය‌ේ (31) කොළඹ රාජකීය විද්‍යාලයේදී සිදු කෙරුණි.

පංති කාමරයකට සීමා වූ අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට ප්‍රායෝගික ක්‍රමවේදයක් හඳුන්වාදෙන ස්ටීම් අධ්‍යාපන ක්‍රමය ඔස්සේ වඩාත් ක්‍රියාශීලී දරු පරපුරක් බිහි කළ හැකි බවයි එම අවසථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ප්‍රකාශ කළේ.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සහ ලංකා ගුරු සංගමය එක්ව උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට සම්බන්ධ නොවීම හේතුවෙන් පාසල් දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු අඩාල වීම පිළිබඳන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුව ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

අදාළ ගැටලුව මතුව ඇත්තේ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයට පමණක් වන අතර දෙමළ භාෂා පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා බලපෑමක් සිදුව නොමැති බව ද වාර්තාවෙයි.

t

o

p