ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

April 1, 2023

තරගාවලියේ සමාරම්භක උත්සවය අතිඋත්කර්ෂවත් අයුරින් ඊයේ පස්වරු 6.00ට අහමඩාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ආරම්භ කරන ලදි.

ඉන්දියාවේ ජනප්‍රිය ගායක ගායිකාවියන්, නළු නිළියන් ඇතුළු විශාල පිරිසක් සමාරම්භක උළෙලට සහභාගි වන ලදි.

මූලික වටයේ තරග 70ක් පැවැත්වීමට නියමිත අතර, ඊට කණ්ඩායම් 10ක් ක්‍රීඩාකරනු ඇත.

2023 ඉන්දීය ප්‍රීමියර් ලීගයේ පළමු තරගයෙන් විශිෂ්ට ජයක් ලැබීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊය‌ේ (31) සමත් විය.

ඒ ප්‍රතිවාදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමින්.

t

o

p