ශුද්ධෝත්තම පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වෙයි. ඒ, ශ්වසන අපහසුතාවක් හේතුවෙන් බවයි පැවසෙන්නේ. කෙසේවෙතත් ශුද්ධෝත්තම පියතුමන් තවත් දින කිහිපයක් රෝහලේ රැඳී සිටීනු ඇතැයි වතිකානය ද පවසා තිබේ.
86 වන වියෙහි පසුවන පාප් වහන්සේට පසුගිය දින කිහිපය තුළම ශ්වසන අපහසුතා පැවැති බව ද සඳහන්.
කෙසේවෙතත් පාප් වහන්සේට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව ද තහවුරු වි තිබේ. පාප් වහන්සේගේ ආරක්ෂක නිලධාරීන් සහ අනෙකුත් කාර්යය මණ්ඩලය ද රෝහල තුළ රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.