“හික්කඩුව සිට මරදාන බලා ගමන්ගන්නා සීඝ්රගාමී දුම්රිය මග්ගොන ප්රදේශයේ දී කාර්මික දෝෂයකට ලක්ව ඇති බැවින් මුහුදු බඩ මාර්ගයේ සියලු දුම්රියන් ප්රමාද වී ධාවනය වන බව කළුතර දුම්රිය බලධාරීන් සඳහන් කරයි.
ඒ අනුව ගාල්ල සහ මාතර දෙස සිට ගමන් ගන්නා සියලුම දුම්රියන් ප්රමාද වී ධාවනය වන බවත් , කළුතර සහ පානදුර සිට ගමන් ආරම්භ කරන දුම්රියන් නියමිත වේලාවට ධාවනය වන බවත් සඳහන් වේ.”