බේරුවලට ආසන්න මුහුදේ භූ චලනයක්

March 30, 2023

බේරුවලට ආසන්න මුහුදේ සුළු භූචලනයක් සිදුව ඇතැයි වාර්තා වෙයි.

මෙරට වේලාවෙන් පස්වරු 1.02ට පමණ සිදු වූ මෙම සුළු චලන තත්ත්වය බේරුවල වෙරළට කිලෝමීටර් 24ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය තුළ රිච්ටර් මාපකයේ ඒකක 3.7ක අගයකින් යුතු වූ එකක් බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

මේ අතර එම භූ චලනය කළුතර උතුර සහ කැස්බෑව ප්‍රදේශවලට ද දැනුණු බව එම ප්‍රදේශවාසීන් සමාජ මාධ්‍ය තුළ අදහස් පළ කර තිබුණි.

t

o

p