දුම්වැටි 3,640ක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

March 28, 2023

විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි වැඩබලන හම්බන්තොට කලාපය බාර සහකාර පොලිස් අධිකාරී අයි.එස්.ටි. පෙරේරා මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරි එන්.ඒ.ඒ.පි. කුමාර කුලරත්න මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ උප පොලිස් පරික්ෂක පි.එච්.ඩි. මධුශංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් (27) වන දින ගාල්ල වරාය පොලිස් වසමේ අංක 448/1, මාගාල්ල, ගාල්ල යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත

එහි දී නීති විරෝධී ලෙස තිරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද විවිධ වර්ගයේ දුම්වැටි 3,640 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල වරාය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

t

o

p