රූකඩ කලාව කොයිබටද ?

March 23, 2023

ජනකලා උරුමයන් අතර කැපී පෙනෙන නාට්‍ය කලාවක් ලෙසින් ද පිළිගැනෙන රූකඩ කලාව සමරන දිනය පසුගිය 21 වැනිදින යෙදී තිබුණේ ද ලෝක රූකඩ දිනය සිහිපත් කරමින් වීම ද විශේෂත්වයක්.

රූකඩ නිර්මාණ ශිල්පීන් මෙන්ම රූකඩ කලාව පාරම්පරිකව සිදු කරන්නන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වී ඇත්තේ රූකඩ නිර්මාණය සඳහා භාවිත කරනු ලබන අමුද්‍රව්‍ය හිඟවීමත්, පවතින අමුද්‍රව්‍ය මිලෙන් අධික වීමත්, රූකඩ නිර්මාණයට වැයවන පිරිවැය සපුරා ගැනීමට හෝ නිසි රාජ්‍ය අනුග්‍රහයක් රූකඩ කලාවේ ප්‍රගමනය සඳහා හිමිනොවීමයි.

දේශීය සංස්කෘතිය පිරිහෙමින් පවතින බවට ඇති තවත් ප්‍රබල සාක්ෂියක් ලෙසට හුවා දැක්විය හැක්කේ රූකඩ නිර්මාණය කිරීම සඳහා භාවිත කරන දැවමය ශාක කඳන් වන කඳුරු හෝ රුක් අත්තන සොයාගැනීමට ඇති අපහසුතාවයි.

පාරිසරික අණපනත් පැනවීම හේතුවෙන් කැපීමේ නීතිමය අවසරයක් අහිමි කර ඇත්තේ රටේ සංවර්ධනයට අත්‍යවශ්‍යම සාධකයක් වන සංස්කෘතික වර්ධනයට රජයෙන් වැරෙන් පහරක් එල්ල කරමිනි.

රූකඩ ප්‍රසංගික උලෙළක දී නූල් රූකඩ නර්තනයේ යෙදවීම පමණක් නොව, ඊට අවශ්‍ය ඇඳුම් ආයිත්තම් එක් කිරීම, සංවාද, සංගීතය යෙදීම, වේදිකා සැරසිලි ආදියට ද නිර්මාණ ශිල්පියාට දැරීමට සිදුව ඇත්තේ වර්තමානයේ වියදම් තත්ත්වය අනුව දැරිය නොහැකි පිරිවැයකි.

දේශීය කලාව සම්බන්ධයෙන් නූතන දරුවාට කිසියම් අවබෝධයක් ඔවුන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට එක් කිරීමට හෝ දායක කරගැනීමට රජයේ මෙන් ම බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය වෙත පැවරී ඇති තවත් එක් භාරදූර වගකීමක් නොවන්නේ ද?

t

o

p