ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පළමු එක්දින තරගය හෙට(25)

March 24, 2023

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබේ.

දෙරට අතර පළමු එක්දින ජාත්‍යන්තර තරගය ඕක්ලන්ඩ් හිදී හෙට පැවැත්වෙයි.

එම තරග 3ම පැවැත්වෙන්නේ ICC සුපර් ලීග් තරගාවලියට යටතේය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඍජුව සුදුසුකම් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා පිල නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන මෙම එක්දින තරග 3ම ජය ගත යුතුය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පළමු එක්දින තරගය මෙරට වේලාවෙන් හෙට පෙරවරු 6.30ට ආරම්භ වීමට නියමිතය.

t

o

p