සමලිංගිකයන් අපරාධකරුවන් ලෙස සලකා සිරගත කෙරේ

March 23, 2023

සමලිංගිකයන් ලෙස හඳුනාගන්නා පුද්ගලයන් අපරාධකරුවන් ලෙස සලකා සිරගත කිරීමට බලය ලබා දෙන පනත් කෙටුම්පතක් උගන්ඩාවේ පාර්ලිමේන්තුව සම්මත කර තිබේ.

ජනාධිපති යෝවේරි මුසෙවිනි ඊට අත්සන් තැබීමෙන් පසු එය බලාත්මක වනු ඇත.

මෙම නීතිය යටතේ ඉහත කී ආකාරයෙන් චෝදනාවලට ලක්වන්නන්ට ඉතා දීර්ඝ සිර දඬුවම් ලබා දීමට හැකි බව වාර්තා වේ.

මෙම පනත සම්මත කිරීමේදී එරට පාර්ලිමේන්තුවේ සියලු පාර්ශ්වවල සහය ලැබී ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.

සමලිංගික සබඳතා පවත්වන්නන් ගැන අදාළ අංශවලට දැනුම් දීමට එවැනි අයගේ මිතුරන්, පවුල්වල සාමාජිකයන් ආදීන් මෙම නීතිය අනුව බැඳී සිටින බවද සඳහන් වේ.

t

o

p