ගල් අඟුරු නෞකා 03ක් මෙරටට

March 19, 2023

ගල් අඟුරු මෙට්‍රික් ටොන් 180,000ක් රැගත් ගල් අඟුරු නෞකා 03 ක් මේ වන විට (19) දිවයිනට ළඟා වී තිබෙන බව ලංකා ගල් අඟුරු සමාගම සඳහන් කරයි.

ඒ අනුව මේ වනවිට ඇණවුම් කර ඇති ගල් අඟුරු නෞකා 30න් 19ක් මෙරටට පැමිණ ඇති බව එම සමාගම ප්‍රකාශ කරයි.

පසුගිය 16 වනදා දිවයිනට පැමිණි 17 වන ගල් අඟුරු නෞකාවේ ගල් අඟුරු තොග ගොඩබෑමේ කටයුතු මේ වන විට සිදුකෙරෙන බව වාර්තා වෙයි.

එමෙන්ම හෙට (20) තවත් නෞකා තුනක ගල් අඟුරු ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ගල් අඟුරු සමාගම පවසයි.

t

o

p