ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකුත් ලකුණු 137 ක් පිටුපසින්

March 20, 2023

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අදයි.

වෙලිංග්ටන් ක්‍රීඩාංගනයේ මේ වනවිට පැවැත්වෙන තරගයෙහි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 279 ක් රැස් කොට ඇති අතර පන්දුවට පහර දෙමින් හයවැනි කඩුල්ල වෙනුවෙන් ධනංජය සිල්වා සමගින් නිශාන් මධුෂ්ක පිටියේ රැඳී සිටින බව වාර්තා වේ.

දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් ද අර්ධ ශතක වාර්තා කර ඇති අතර මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවාදී නවසීලන්ත කණ්ඩායමට වඩා ලකුණු 137 ක් පසුපසින් සිටී.

t

o

p