පළාත් පාලන ආයතන ගැන තීරණය

March 19, 2023

හෙට (20) දිනයේ සිට ද පළාත් පාලන ආයතනවලින් මහජනතාවට අවශ්‍ය සේවය ඒ ආකාරයෙන්ම ලබාදීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

පළාත් පාලන ආයතන 340ක නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

ඒ අනුව එම ආයතනවල සියලු පරිපාලන කටයුතු හෙට (20) සිට කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් යටතට පත් කෙරෙනු ඇති.

ඒ අනුව මහ නගර සභා 29හි බලය නාගරික කොමසාරිස්වරුන් යටතටත්, නගර සභා 36හි සහ ප්‍රාදේශීය සභා 275හි බලය එම ආයතනවල ලේකම්වරුන් යටතටත් පත්වේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභිකයින්ගේ නිල කාලය අවසන් වන්නේ එළඹෙන ඔක්තෝබර් මාසයේදීය.

t

o

p