දිස්ත්‍රික්ක තුනක් නාය යෑමේ අවදානමක

March 19, 2023

පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසුවේ බදුල්ල, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම මතුව ඇති බවයි.

එම ප්‍රදේශයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්‍ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බව ද එම සංවිධානය සඳහන් කරයි.

t

o

p