ගුරුවරුන් 14,000 ක් උසස් පෙළ පිළිතුරු පත් පරීක්‍ෂාවට සූදානම්

March 19, 2023

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් 14,000ක් ඉල්ලුම් කර ඇති බවත් සාමාන්‍යයෙන් ගුරුවරුන් 19,000ක් පමණ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා අවශ්‍ය බවත් විභාග දෙපාර්තමේන්තුවේ නිළධාරීයෙක් පැවසීය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ලකුණු ලබා දීමේ ක්‍රියා පටිපාටිය සඳහා එක් වී අවසන් තීරණයකට එළඹුන හොත් දැනට ඉල්ලුම් කර ඇති ගුරුවරුන් යොදා ගනිමින් දින ගණන වැඩි කරමින් සහ පිළිතුරු පත් පරීක්ෂා කරන වේලාව වැඩි කරමින් ඇගයීම් කටයුතු සිදු කරන බවද පවසයි.

ඒ අනුව, දිවයිනේ ප්‍රධාන පාසල් කේන්ද්‍ර කර ගනිමින් ඇගයීම් කටයුතු සිදු කිරීමටයි එම දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ.

ලබන 27වනදායි ආරම්භ වන සතිය තුළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට හැකි වුවහොත් ජූනි මාසය අවසන් වන විට ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි බවද එම නිලධාරියා වැඩිදුරටත් පවසන ලදි.

t

o

p