කිරින්ද හා ගෝමරන්කඩවල ප්‍රදේශයන්හි භූචලන

March 19, 2023

පසුගිය පැය කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ දෙකක භූචලන වාර්තා වී තිබේ.

කිරින්ද ප්‍රදේශයේ රික්ටර් මාපාංක 2.6ක සුළු භූචලනයක් වාර්තා වී තිබුණි.

ඊයේ (18) පස්වරුවේ මෙම භූචලනය වාර්තා වු බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේය.

එමෙන්ම ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් ද අද (19) අලුයම 3.30 ට පමණ රික්ටර් මාපාංක 3ක සුළු භූචලනයක් වාර්තා වී ඇති බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය වැඩිදුරටත් පැවසීය

t

o

p