IMF එකඟතාවය එළඹෙන සතියේදී පාර්ලිමේන්තුවට

March 18, 2023

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග ඇති කරගත් එකඟතාවයන් එළඹෙන සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ විපක්ෂයට සහ විවිධ මත පළකරන පාර්ශ්වයන්ට ඒ සම්බන්ධයෙන් කතා කිරීමටත් විකල්ප අදහස් ඉදිරිපත් කිරීමටත් අවස්ථාව හිමිවන බවය.

“අපත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇති කරගත් එකඟතාවයන් ප්‍රසිද්ධ කළ වහාම ඔවුන්ගේ වෙබ් අඩවිවල.අපි දැනටමත් ඊට අනුමැතිය ලබාදී තිබෙනවා අපේ රට පැත්තෙන්. අපිට සැඟවීමට කිසිදු රහසක් නැහැ. ජාතියත් එක්කම මේ ගැන කතා කළ යුතුයි. IMF එක ප්‍රසිද්ධ කළ වහාම ජනාධිපති මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවට මේ එකඟතාවයන් ඉදිරිපත් කරනවා. ලබන සතියේ බොහෝ දුරට සිදුවෙයි. විපක්ෂයට සහ විවිධ මත පළකරන පාර්ශ්වයන්ට පාර්ලිමේන්තුවේ මේ ගැන කථා කරන්න හොඳ අවස්ථාවක් තිබෙනවා. ඔවුන්ගේ විකල්ප අදහස් ඉදිරිපත් කරන්නත් පැහැදිලි අවස්ථාවක් ලබා දෙන්න රජය සූදානම්.”

t

o

p