රටේම කුඹුරු අලුතින් මනී

March 18, 2023

දිවයින පුරා ඇති සියලු කුඹුරු ඉඩම් මැන නිවැරදි දත්ත පද්ධතියක් සකස් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙම වැඩපිළිවෙළ මේ වසර අවසාන වන විට සම්පූර්ණ කිරීමට නියමිතය.

මේ අනුව මෙතෙක් ගොවීන් නමින් පවත්වාගෙන ආ ඉඩම් ලේඛනය වෙනුවට කුඹුරු ඉඩමේ නමින් නව කුඹුරු ඉඩම් ලේඛනයක් සකස් කෙරෙනු ඇත.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ද සහයෝගය ඇතිව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ නිසා වාර්ෂිකව වගා කරන කුඹුරු ඉඩම් ප්‍රමාණය හා එමගින් ලැබෙන වී අස්වැන්න නිවැරදිව ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව ලැබෙන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහත සඳහන් කළේය. එමෙන්ම කෘෂි සහනාධාර ලබාදීමේදී එය ඉතා නිවැරදිව කළ හැකිවනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

t

o

p