ලිස්ටීරියා ආසාදිත පාසල් සිසුවෙක් දැඩි සත්කාරේ

March 17, 2023

ලිස්ටීරියා බැක්ටීරියාව ආසාදනය වූ බවට සැකකෙරෙන 15 හැවිරිදි පාසල් සිසුවෙකු බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවට වාර්තා වෙයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් සහ බදුල්ල මහරෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි පාලිත රාජපක්ෂ සඳහන් කළේ එම සිසුවා දැඩි සත්කාර ඒකකයේ මේ වන විට පසුවන බවයි.

ශ්‍රී පාද වන්දනාවේ නිරත ඇතැම් පිරිස් අතර රෝගී තත්ත්වක් සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ වාර්තා පළ වී තිබුණා.

එම වාර්තාවල දැක්වුණේ මේ මස මුල් සතියේ ශ්‍රීපාද වන්දනාවේ ගිය පුද්ගලයන්ට වමනය, හිසරදය, උණ හෝ ශ්වසන අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු හමුවිය යුතු බවටයි.

t

o

p