මයික්‍රෝසොෆ්ට් අලුත් වෙයි

March 17, 2023

මයික්‍රෝසොෆ්ට් ආයතනය පළමුවරට සිය පරිශීලකයින් වෙනුවෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් බලගැන්වෙන නව මෙවලමක් හඳුන්වා දී තිබේ.

මෙහිදී වර්තමානයේ භාවිත වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් (AI) ක්‍රියාත්මක චැට්ජිපිටි(ChatGPT) මෙන්ම ක්‍රියාත්මක බහු භාෂා මාදිලියකින් සහය සැලසේ.

මයික්‍රෝසොෆ්ට් 365 කෝපයිලට් (Microsoft 365 Copilot)නම් මෙම නව මෙවලම වර්ඩ්(Word), එක්සෙල්(Excel), පවර්පොයින්ඩ්(PowerPoint), අවුට්ලුක්(Outlook)සහ ටීම්ස්(Teams) වැනි බහුලව භාවිත කරන මයික්‍රොසොෆ්ට් යෙදුම් හා ක්‍රියාත්මක වනු ඇති බව මයික්‍රොසොෆ්ට් ආයතනය පවසයි.

නව හඳුන්වා දීම යටතේ සිය පරිශීලකයින්ට මයික්‍රොසෆේට් යෙදුම් හරහා මීට පෙර සිදුකර ගැනීමට නොහැකි වූ බොහෝ කාර්යයන් සිදුකර ගත හැකි බව මයික්‍රොසොෆ්ට් ආයතන පවසයි.

t

o

p