ලිස්ටීරියා ගැන අනියත බියක් එපා

March 17, 2023

ශ්‍රී පාදස්ථානයට යන එරත්න මාර්ගයේ වෙළෙඳසැලක් පවත්වාගෙන ගිය වැලිමඩ ප්‍රදේශයේ කාන්තාවක මියගිය සිද්ධිය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

උණ,වමනය,හිසරදය,හුස්ම ගැනීමේ අපහසුතා,කෑම අජිර්ණය වැනි රෝග ලක්ෂණ ලිස්ටිරීයා වෛරසය අසාදනය වු රෝගීන්ගෙන් පෙන්නුම් කෙරෙනවා.

මෙම කාන්තාව ලිස්ටීරියා රෝගි තත්ත්වය හේතුවෙන් මියගොස් තිබූ අතර රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමෙන් අනතුරුව රෝහල්ගතව ඇත්තේ පසුගිය 23 වනදායි.

කෙසේ වෙතත්, ලිස්ටීරියා රෝග තත්ත්වයෙන් සිදු වූ බව කියන තවත් මරණ 2ක් පිළිබද තොරතුරු වාර්තා වී ඇති නමුත් මෙතෙක් එම මරණවලට හේතුව නිශ්චිතව තහවුරු කරගෙන නොමැති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

t

o

p