ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය වෙලින්ටන්හිදී

March 17, 2023

ශ්‍රී ලංකාව සහ සත්කාරක නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දැන් නවසීලන්තයේ වෙලිංටන්හිදී පැවැත්වෙයි. 

වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා ප්‍රමාද වී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 47කි.

තරගාවලියේ පළමු තරගය කඩුලු 2කින් ජය ගත් සත්කාරක නවසීලන්තය මේ වනවිට ඉදිරියෙන් සිටී. 

මෙම තරගය ICC ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන අතර, පළමු තරගය පරාජය වීමත් සමග එම ලෝක ශූරතාවලියේ අවසන් තරගයට එක් වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියේ ය. 

t

o

p