පොලිස් ආරක්ෂාව මැද අද(15) කාර්යාල දුම්රිය වැඩ

March 15, 2023

දිවයින තුළ අත්‍යවශ්‍ය සේවාවන් හරියාකාරව පවත්වා ගැනීම සඳහා සහ ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩව දුම්රිය සේවාව පවත්වාගෙන යාමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය පියවර ගෙන ඇත.

ඇතැම් පිරිස් විසින් දුම්රිය ධාවනය කඩාකප්පල් කිරීම සඳහා සැලසුම් කරන බවට සහ අඛණ්ඩ දුම්රිය සේවාවක් පවත්වාගෙන යාමට බාධා කිරීම සඳහ සූදානම් වන බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත.

දිවයින තුළ මහජන සාමය පවත්වාගෙන යාමටත් කඩාකප්පල් ක්‍රියා වැලැක්වීමටත් අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගැනීම ශ්‍රී ලංකා පොලිසිය පරම වගකීම වන අතර ඒ අනුව කොට්ඨාශ භාර නිලධාරීන් විසින් තම කොට්ඨාශ බල ප්‍රදේශය තුළ කිසිම සිදුවීමක් සිදු නොවන ආකාරයට ක්‍රියා කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කළ යුතුය.

වැඩිමනත් වශයෙන් සියලුම මුපොප / ස්ථානාධිපතිවරුන් විසින් පහත ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවට උපදෙස් ලබා දී අවශ්‍ය පහසුකම් සැලසීම සහ අධීක්ෂණය කිරීම සිදුකළ යුතුය.

  1. සෑම දුම්රිය ස්ථානයක් ම ආවරණය වන පරිදි ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීම සහ ප්‍රධාන දුම්රිය ස්ථාන වලට වගකිවයුතු පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියෙකු සමග නිලධාරී කණ්ඩායම් යෙදවීම.
  2. දුම්රිය මාර්ග වල කඩාකප්පල්කාරී ක්‍රියා වැලැක්වීම සඳහා මුරසංචාර යෙදවීම සහ හැකි සෑම අවස්ථාවකදී ම දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඒකාබද්ධව දුම්රිය මාර්ගවල සංචාර සිදු කිරීම.
  3. සේවයට වාර්තා කරන දුම්රිය සේවකයන් රාජකාරි වාර්තා කිරීම රාජකාරි යෙදී සිටීම සහ රාජකාරියෙන් බැහැරව වන අවස්ථාවලදී ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.
  4. දුම්රිය ධාවනය වන අවස්ථාවේදී එයට බාධා කිරීම සඳහා ගල් ගැසීම හෝ වෙනත් කඩාකප්පල් ක්‍රියා සිදුවීම වැළැක්වීම සඳහා සුදුසු ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම. මෙම වැඩපිළිවෙළ අද දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළයුතු අතර සෑම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විසින්ම තම බල ප්‍රදේශය තුළ දුම්රිය මාර්ග පවත්නා කොට්ඨාස වෙත ප්‍රමාණවත් නිලධාරීන් කණ්ඩායම් සහ අනෙකුත් යටිතල පහසුකම් ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

සී. ඩී. වික්‍රමරත්න 
පොලිස්පති

මේ අතර අද දිනයේදි 23/03/15 විධිමත් පරිදි නිවාඩු අනුමත නොකරවාගෙන සේවයට නොපැමිණෙන සියලුම නිලධාරින් සඳහා වැටුප් රහිත දිනයක් ලෙස සලකා කටයුතු කල යුතුය. සියලුම කොමසාරිස්වරු තමන් යටතේ ඇති අංශ වල නිලධාරින් සම්බන්දයෙන් මෙම උපදෙස් අනුව කටයුතු කල යුතුය.
එසේම ස්ලැක් හරහා සියලුම කලාප/දිස්ත්‍රික් /උප/ ඉංජිනේරු කාර්යාල මේ පිලිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන්න. – කම්. කො.ජ

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය යටතේ දිස්ත්‍රික් හා ප්‍රාලේ කර්යාල වලට අනුයුක්ත සියලුම සංවර්ධන නිලධාරින්ගේ අද දින (15/03/2023) ක්ෂේත්‍ර රාජකාරි අවලංගු කරන අතර සියලුම නිලධාරින් තමා අනුයුක්ත දිස්ත්‍රික් /ප්‍රාලේ කාර්යාලය වෙත සේවයට වර්තා කල යුතු බව ලේකම් තුමාගේ උපදෙස් පරිදි මෙයින් දන්වමි.

t

o

p