නවසීලන්ත කණ්ඩායම පළමු ටෙස්ට් තරගය ජය ගනියි

March 13, 2023

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රයිස්චර්ච් හි දී පැවති පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය කරන්නට සත්කාරක නවසීලන්තය අද (13) සමත් විය.

දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම තම දෙවැනි ඉනිම අවසානයේ ලබාගත් ලකුණු සංඛ්‍යාව සියල්ලන් දැවී 302යි.

නවසීලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහණය සඳහා ලකුණු 285ක ඉලක්කයක් හිමිවිය.නායක විලියම්සන්ගේ 27 වැනි විශිෂ්ට ශතකයත් සමග නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණයේ අභියසටම රැගෙන එන්නට සමත් විය.

පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය අනිවාර්‍යය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එය අහිමි වූයේ ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවයට ද දොරටු වසා දමමින්.

t

o

p