ඛනිජ තෙල් බෙදා හැරීම පුළුල් කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක්

March 13, 2023

ඛනිජ තෙල් බෙදා හැරීම පුළුල් කිරීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, ඒ සඳහා වන විධිමත් වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව අවධාරණය කළේ, සිනොපෙක් සමූහයේ නියෝජිතයන් සමඟ අද (13) ජනාධිපති කාර්‍යාලයයේ දී පැවති සාකච්ඡාවක දී යි.

සිනොපෙක් සමූහයේ නියෝජිතයන් මෙහි දී ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව වෙනුවෙන් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ අලෙවිය සඳහා ආයෝජනය කිරීමට තම ආයතනය සූදානම් බව යි.

t

o

p