කාබනික පොහොර සහනය ගැන කෘෂිකර්ම අමාත්‍යංශ්‍යයෙන් අලුත් තීරණයක්

March 12, 2023

රජය විසින් කාබනික පොහොර සඳහා ගොවීන්ට ලබා දුන් සහනය මෙරට තේ හා එළවළු වගාව ප්‍රවර්ධනය සඳහා යෙදවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එමෙන්ම කොම්පෝස්ට් පොහොර යැයි කියමින් පසුගිය කාලය තුළ තමන්ට ලබාදී ඇත්තේ වැව්වලින් කපා ගත් පස් හා දහයියා බවට කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ පැවැති හමුවක දි ගොවි නියෝජිතයින් සඳහන් කර ඇති බව එම අමාත්‍යංශ්‍ය සඳහන් කරයි.

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර හා ‌කොම්පෝස්ට් පොහොර තමන්ට අවශ්‍ය නොවන බව ගොවි නියෝජිතියින් එහිදි සඳහන් කර තිබේ.

ඔවුන්ගේ ඉල්ලිම පරිදි කාබනික හා කොම්පෝස්ට් පොහොර වගාව සඳහා අවශ්‍ය නොවේ නම් එම මුදල් වෙනත් කෘෂි අංශ සංවර්ධනය සඳහා යෙදවිය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිදි ප්‍රකාශ කරයි.

2022/ 23 මහ කන්නයේ දී කාබනික පොහොර සහනාධාරය සඳහා රජය විසින් රුපියල් මිලියන 16,000ක් වෙන් කර ඇති අතර ඒ යටතේ කුඹුරු හෙක්ටෙයාර් 01කට රුපියල් 20,000ක් හා හෙක්ටෙයාර් 02ක් සඳහා රුපියල් 20,000ක සහනාධාරයක් ද ලබා දී තිබේ.

t

o

p