සිව්වැනි දිනය නිමා වනවිට නවසීලන්තය 28/1

March 12, 2023

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 302කට සීමා විය.

එම ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 115ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 42ක් ලබාගැනීමට සමත් වුණි.

ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 47ක් ලබාගත්තේය.

පන්දු යැවීමේ දි බ්ලේයාර් ටික්නර් කඩුලු 04ක්, මැට් හෙන්රි කඩුලු 03ක් සහ ටිම් සවුති කඩුලු 2ක් බිඳහෙළීය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා නවසීලන්ත කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 285කි.

තරගයේ සිව්වන දිනය නිමාවට පත්වනවිට දෙවන ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 28 ක් ලබා සිටියේ තරගය ජයග්‍රහණය සඳහා ලකුණු 257 ක් පිටුපසින් සිටිමින්.

t

o

p