IMF මූල්‍යාධාරය පිළිබඳව ෆිච් රේටිංග්ස් දැක්ම

March 12, 2023

IMF විස්තීරණ ණය පහසුකමේ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සමාලෝචනය කිරීමට අරමුදලේ විධායක මණ්ඩලය මාර්තු 20 දින නියම කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර ලබා ගැනීමට ඉඩ ඇති බව ෆිච් රේටින්ස් ආයතනය විශ්වාසය පල කර තිබේ.

ෆිච් රේටිංග්ස් පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල සමාලෝචනයට දිනයක් ප්‍රකාශයට පත් කිරීම, ශ්‍රී ලංකාවට ප්‍රධාන ණය හිමියන්ගෙන් ලැබුණු මූල්‍ය සහතික ඉදිරියට යාමට ප්‍රමාණවත් තරම් විශ්වාසදායක ලෙස සලකන බවට සිදුකරන ඇඟවීමක් බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ බාහිර ද්‍රවශීලතාවය වැඩිදියුණු කළ යුතු නමුත්, නිල සහ පෞද්ගලික ණය හිමියන් සමග ඕනෑම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමක කාලය අවිනිශ්චිතව පවතින බව ෆිච් රේටිංග්ස් ආයතනය පෙන්වා දී තිබේ.

t

o

p