ඡන්ද දිනය ඇතුළත් අති විශේෂ ගැසට්ටුව එළියට

March 10, 2023

පසුගිය දා මැතිවරණ කොමිසම නිර්දේශ කළ පරිදි එළඹෙන අප්‍රෙල් 25 වැනි දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින නියම කරමින් එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත්කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පැවසුවේ, එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අංක 2322/28 සිට 2322/52 දක්වා වූ අති විශේෂ ගැසට් පත්‍ර මගින් එකී මැතිවරණය පැවැත්වීමට දින නියම කර ඇති බවයි.

t

o

p