ෂී ජින් පින් අද චීන ඉතිහාසය වෙනස් කරයි

March 10, 2023

චීන ජනාධිපති ෂී ජින් පින් අද චීන ඉතිහාසය වෙනස් කළා. ඒ, තුන්වන වරටත් ජනාධිපති ධුරය සඳහා පත් වෙමින්. 69 හැවිරිදි ෂී ජින් පින් ජනාධිපති ලෙස යළි පත් කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ. නව පත් වීමෙන් පසු ඉදිරි දිනවලදී නව අග්‍රාමාත්‍යවරයෙකු හා නව අමාත්‍ය මණ්ඩලයක්ද පත් කිරීමට නියමිතයි.

එක් පුද්ගලයෙකුට චීන ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් විය හැක්කේ අවස්ථා දෙකකදී පමණක් බවට මීට පෙර නීතියක් පැවතුණා. එහෙත් 2018 වසරේදී ෂී ජින් පින් පනවා තිබූ නීතිය ව්‍යවස්ථාවෙන් ඉවත්කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව චීන විප්ලවයට නායකත්වය ලබාදුන් මාඕ සේතුංගෙන් පසුව චීනයේ බිහිවූ බලවත්ම නායකයා ලෙස ෂී ජින් පින් හැඳින්වෙයි.

t

o

p