වැරැදි කරන රියැදුරන්ගේ ලකුණු ක්‍රමය කල් යයි

March 8, 2023

රිය ධාවනයේදී වැරැදි කරන රියැදුරන්ට අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තවත් මාස දෙකකින් පමණ කල් යන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පැවසීය.

මාර්ග අනතුරුවලට බෙහෙවින් ඉවහල් වන රථවාහන වැරැදි 32 ක් හඳුනා ගනිමින් එම වැරැදි සඳහා රියැදුරුට අකුසලතා ලකුණු ලබාදීමේ වැඩසටහනක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී තිබිණි. එම ක්‍රමවේදයට අනුව ලකුණු 24 ක්ම ලබාගත් රියැදුරකු වේ නම් ඔහුගේ රියැදුරු බලපත්‍රය වසරකට අවලංගු වේ.

මෙම ක්‍රමවේදය මේ මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණත් අදාළ ක්‍රමවේදය සිදුකරන පද්ධතිය මෙතෙක් සකස් කර අවසන් නොවීම නිසා මෙය තවදුරටත් කල් යෑමට හේතු වී තිබේ.

t

o

p