ලෝක කාන්තා දිනය අදයි

March 8, 2023

ලෝක කාන්තා දිනය අදට යෙදී තිබේ. “ඇය දැයේ අභිමානයයි”යන්න මෙවර එහි තේමාව වෙයි.
සාක්ෂරතාවයෙන් ඉදිරියට පැමිණ සිටින ලාංකීය කාන්තාව, අද දවසේ රටේ ආර්ථිකයට වෘත්තීමය වශයෙන් ලබාදෙන ශක්තිය සහ දායකත්වය සුවිශේෂී බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කාන්තා දින පණිවුඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ කළමනාකරණ හා දේශපාලන තීන්දු ගන්නා යාන්ත්‍රණයෙහි කාන්තා සහභාගිත්වය ඉහළ නැංවීමට රජය තවදුරටත් කැප වී සිටින බවයි.

පාර්ලිමේන්තුවේ පමණක් නොව, රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයේ සියලු ක්ෂේත්‍රවල කාන්තා නියෝජනය ඉහළ නැංවීමේ පුළුල් වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. එමෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සම්පාදනය කර තිබෙනවා.

එතෙකින් නොනැවතී ජාතික කාන්තා කොමිසම නමින් ස්වාධීන කොමිසමක් පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කිරීමට ද අපේක්ෂා කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කාන්තා දින පණිවුඩය මඟින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

2022 වසර තුළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් කාන්තාවන් 74 දෙනෙකු මියගොස් තිබේ. විවිධ අභියෝගාත්මක අවස්ථාවන්හිදී ඉවසීමෙන් හා හික්මීමෙන් යුතුව කාන්තාවන් ක්‍රියාකිරීම වැදගත් වන බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යසාංජලී දේවිකා ජයතිලක පෙන්වා දුන්නේ.

t

o

p