ණය ප්‍රතිවහුගතකරණයට අදාළව චීනයෙන් සිය සහතිකය ලැබෙයි

March 7, 2023

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිවහුගතකරණයට අදාළව චීනය සිය සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දී තිබේ.

බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරන්නේ, චීන ආනයනය අපනයන බැංකුව හරහා මෙම සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබා දී ඇති බවයි.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනුමත කර ඇති අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය වැඩසටහන මෙතෙක් ප්‍රමාද වෙමින් පැවතියේ, චීනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය සම්බන්ධයෙන් ඔවුන්ගේ සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබාදීම ප්‍රමාද වීම හේතුවෙනි.

t

o

p