පිලිපීනයේ භූ කම්පනයක්

March 7, 2023

දකුණුදිග පිලිපීනයේ රිච්ටර් මාපක හයක භූ කම්පනයක් සිදු ව තිබේ.

එරට වේලාවෙන් අද (07) පස්වරු දෙකට පමණ මෙම භූ කම්පනය සිදු ව ඇත්තේ, කඳුකර ප්‍රදේශයක් වන මින්දනාවෝ දූපතේ පිහිටා ඇති මරගුසාන් නගරය ආශ්‍රිත ව යි.

භූ කම්පනයෙන් එරට අධිවේගී මාර්ගයක් ද නාය යෑමට ලක් ව ඇති අතර, සිදු ව ඇති හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.

t

o

p