ලෝකයේ විශාලතම මගී ගුවන් යානය 03 වන වරටත් කටුනායකට

March 5, 2023

ලෝකයේ විශාලතම මගී ගුවන් යානය වන එයා බස් ඒ.- 380 – 800 වර්ගයේ ගුවන් යානය තුන් වන වරටත් කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින අලුයම පැමිණ තිබේ.

එමිරේට්ස් ගුවන් සේවය සතු ඊ.කේ.- 449 දරන මෙම ගුවන් යානය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ඩුබායි වෙත ගමන් ගන්නා අතරතුර ඉන්ධන ලබා ගැනීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින අලුයම 03.10ට පැමිණ තිබේ.

මෙම විශාලතම මගී ගුවන් යානය කොරෝනා වසංගතයට පෙර, එනම් 2019 වසරේ දීත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණු බවයි ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපල ඛනිජතෙල් පර්යන්තයෙන් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයක ජෙට් ඒ වර්ගයේ ඉන්ධන ලීටර 62,800 ක් ලබාගෙන ඇති බව සඳහන්.

ඩුබායි ගුවන් තොටුපල අවට මේ දිනවල පවතින මීදුම් සහිත අයහපත් කාලගුණ තත්ත්වය නිසා එකවරම ගුවන්තොටුපලට ගොබැස්සවීමට නොහැකි වුවහොත් වට කිහිපයක් ගමන් කිරීමටයි එම යානය මෙලෙස ඉන්ධන ලබාගෙන ඇත්තේ.

t

o

p