ඉදිරි වසර දෙකක කාලය සඳහා ශ්‍රී ලංකාවට මූල්‍යමය වශයෙන් සහාය දීමට ලෝක බැංකුව එකඟ වී තිබේ.
ඒ අනුව ඊට අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබාදීමට ලෝක බැංකුවේ කළමනාකාරීත්වය එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.
එම මුල්‍ය ප්රදානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇති කරගෙන ඇති ගනුදෙනුව අවසන් වූ වහාම සිදු කෙරෙනු ඇති.
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික පසුගාමීත්වයක් යම් තරමකින් වර්ධනයක් පෙන්නුම් කරන මොහොතකදියි ලෝක බැංකුවෙන් මෙවැනි මූල්‍ය සහායක් හිමිව ඇත්තේ.
එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට නැවුම් බලාපොරොත්තුවක් පවා ඇති කරවිය හැකි බවත් වාර්තා වෙයි.