අයහපත් කාලගුණයත් සමඟ 18 වංගුව මාර්ගය තාවකාලිකව වසා දමයි

March 5, 2023

අයහපත් කාලගුණයත් සමඟ ගල් සහ පස් කඳු කඩාවැටීම හේතුවෙන් මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය හෙවත් 18 වංගුව මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ. ඒ, අනුව එම මාර්ගයේ ගමන් කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය දැනුම් දෙන්නේ.

ඊයේ රාත්‍රියේ ගල් සහ පස් කඳු කඩාවැටීම හේතුවෙන් මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය හෙවත් 18 වංගුව මාර්ගය හසලක පොලිස් වසමේ 14 වංගුව ප්‍රදේශයෙන් අවහිර වී ඇත.

ඒ අනුව මහනුවර සිට මහියංගනය දෙසට ධාවනය වන රථ වාහන මහනුවර නගරයෙන් තැන්නේකුඹුර ඔරලෝසු හංදියට පිවිස දකුණු දෙසට ඇති රන්දෙණිගල – බදුල්ල මාර්ගය හෙවත් රජමාවත ඔස්සේ පැමිණ 21 හංදියෙන් වමට හැරී බදුල්ල – මහියංගනය මාර්ගය ඔස්සේ මහිංගනය නගරයට පැමිණිය හැකි වෙයි.

එමෙන්ම මහියංගනය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන රථවාහන බදුල්ල – මහියංගනය මාර්ගය ඔස්සේ පැමිණ 21 හංදියෙන් දකුණට හැරී රන්දෙණිගල – බදුල්ල මාර්ගය හෙවත් රජමාවත ඔස්සේ පැමිණ තැන්නෙකුඹුර ඔරලෝසු කණුව හංදියෙන් වමට හැරී මහනුවර නගරයට පැමිණිය හැකි බවයි පොලීසිය සඳහන් කළේ.

t

o

p