භූමිතෙල් මිල අඩු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපත් කළ යෝජනාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක් රු. 50කින් ද (නව මිල රු. 305) කාර්මික භූමිතෙල් ලීටරයක් රු. 134කින් ද (නව මිල රු. 330) පහත හෙලනු ලැබේ .
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, අනෙකුත් ඉන්ධන වර්ගවල මිල වෙනස් නොවන බව ය.