අද(01) වැඩ වර්ජනයට සේවකයන්ගේ සහභාගීත්වය අඩුවෙයි

March 1, 2023

බදු ප්‍රතිපත්තියට එරෙහිව පැවැති සංකේත වර්ජනයට සේවකයන් නෑ

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ජාතික විරෝධතා දිනයක් බවට ප්‍රකාශයට පත් කරමින් අද (01) දින පැවැති ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ සංකේත වැඩ වර්ජනයට සේවකයන්ගේ සහභාගීත්වය අවම මට්ටමක පවතින බව හෙළිදරව් වී තිබේ.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට වෛද්‍ය නිලධාරීන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, රජයේ විධායක නිලධාරීන්, බැංකු සේවකයින් මෙන්ම වරාය, විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල්, ජල සම්පාදන යන ක්ෂේත්‍රයන් ඇතුළු රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පෞද්ගලික සේවකයන් එක්වන බව ප්‍රකාශ කර තිබුනි.

මෙම එක් දින වැඩ වර්ජනයට වයඹ පළාත, උතුරු මැද පළාත, දකුණු පළාත, මධ්‍යම පළාත, නැගෙනහිර පළාත, ඌව පළාත යන ප්‍රාදේශීය මට්ටමෙන් සහභාගීත්වය සමස්තයක් ලෙස 50% ටත් වඩා අඩු ප්‍රතිශතයක් බව සේ වන විට හෙළිදරව් වී තිබේ.

මෙම පළත් හය ගත් කළ එහි වර්ජනයට සහභාගී වන බව ප්‍රකාශ කළ ක්ෂේත්‍රයන්හි සමස්ත සේවක සංඛ්‍යාව 148,461 ක් වන අතර ඉන් වර්ජනයට සහය පළ කර ඇත්තේ සේවකයන් 44671 ක් පමණකි. ඒ අනුව සේවකයන් 103,780 දෙනෙක් වර්ජනයට සහාය පළ කර නැති බව හෙළිව තිබේ. එම පළාත්වල සේවට වාර්තා කරන ලද සේවකයන් පිළිබව සොයා බැලීමේදි මෙම කරුණු අනාවරණය වී ඇත.

t

o

p