පාස්පෝර්ට් කන්තෝරුවේ පරිගණක පද්ධතිය බිඳ වැටෙයි

February 13, 2023

ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට බාධා එල්ලවී තිබේ.

කෙසේ වෙතත් එය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

අද උදෑසන 9.00ට පමණ මෙලෙස ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියට අයත් ශ්‍රී ලංකා ටෙලිකොම් සර්වර් පද්ධතියේ බිඳවැටීමක් සිදුවී ඇති බවත් ඒ හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණයට බාධා පැමිණ ඇති බවත් අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා සිටියි.

මේ වන විට බිඳ වැටී ඇති පරිගණක පද්ධතිය යථාවත් කිරීම සඳහා සියලු පියවර ගෙන ඇති බවත් අද අතිරේක කාලයක් යොදවා හෝ ලබාගෙන ඇති සියලු එක් දින සේවා ඉල්ලුම්පත් සඳහා වන ගමන් බලපත්‍ර මුද්‍රණ කටයුතු සිදු කරන බවත් ඔහු පවසයි.

t

o

p